Monday, November 5, 2018

සත්‍යම් සිවම් සුන්දරම්



ජීවිතේ කියන්නේ මේකටයි..!

ආවොත් යන්ට වෙයි,

ගියත් ආයෙත් එන්ට වෙයි,

ඔය අතර,

පුංචි පුංචි ආතල්..

ඇස,දිව,කය,මන,පිනවන......,

හිටි ගමන් සලා වැටුම්

කුමකින් කුමක් වේ දැයි නොමදන්න...

අනේ,"බුදු සරණයි!කියා 

කියන්නට නම් එපා!

උන්වහන්සේටත් බැරි උනා

වළක්කගන්ට කරැමේ...,

"ක්ලාන්තයි ආනන්ද,

පිපාසයි ආනන්ද........"

සර්වබලධාරී අරැන්දැට කියන්ටත් එපා,

අනුන්ගෙ ගෑණියකට දුන්න

තමන්ගෙ පුතා 

කුරැසෙකට.තියල ඇණ.ගහන කොට

මොනවත් කරගන්ට බැරි උන

බම්බුවෙ සර්වබලධාරියා..... ,

දෙවියන්ගෙ පිහිටයි කියන්ටත් එපා ඕං...

උං ජීවත් වෙන්නෙ

අපි කාල විසි කරන 

"පිං ලෙලි වලිං..!"

උඹලත් බෑ මට පිහිට වෙන්ට

මට මම,ම විතරයි....,

උඔලටත් එහෙමයි...

අමු ඇත්ත එක්ක ජීවත් උන අපිට

"මැරෙන්නට විතරක්!මොකටද?

"බොරැව!"

"සත්‍යම් ශිවම් සුන්දරම්!"


No comments:

Post a Comment

මේ කසිකබලා ගැන හිතෙන ඕන දෙයක්