මූ හීන් සෙරෙ අර හරක් පටියට ලං වුනා නොවැ මේ බවක් හාන්කවිච්චියක් වත් මේ හරක් පටවා දන්නේ නෑ.මේ කොටියා පැන්න ගමන් අරුව අල්ල ගත්තේ නැතා.ඒ පාර මේ හරක් පැටියා කියනවා
"ස්වාමීනි ඔබ වහන්සේට කන්ට මම පොඩි නොවැ අනික ඔබගේ බඩේ ගාවෙන්නවත් මගේ මස් ටික මදි මම ලොකු උනාම ඔබ වහන්සේ ලගට එන්නම් දැන් මාව අතහරින්න"කියලා
කොටියා බැලුවා වැඩේ ඇත්ත තමයි මු මගේ බඩේ ගෑවෙන්න වත් මදි
"හා අදට පලයන් හැබැයි උබ එනවා නේ ....උබ පොරොන්දුව කැඩුවොත් බලාගේනේයි කෝකටත් උබව අදුර ගන්න වැඩක් කරන්න ඕනෑ කියලා කනෙනේ කෑල්ලක් කඩා ගෙන කෑවා.
කොහොමින් හරි මේ වහු පැටියා එදා බේරිලා ගියා ...
........../අවුරුදු කිහිපයකට පසු/.............

"හා උබ අද තමා මුලිච්චි උනේ හිටපිය තෝ මගේ පොරොන්දුව අමතක කළා නෙවැ කියලා පැනපි ගොන් නාම්බා වෙතට
ගොන්නාම්බෙක් කියන්නේ එසේ මෙසේ එකෙක් යයි හොද ශවී ශක්තිය තියන එකෙක් නොවැ ..මේක පැනපු ගමන් දමලා ඇන්නා අනිල්ලක් කොහොමද දන්නවද ලබ්බට පයින් ගැහුවා වගේ අර නාකි හම්පඩ කොටියා උඩින් විසිවෙලා වැටුනා මේකා අයි පැනලා ඇන්නා එත කොට නාකියගේ පන යන්න ඔන්න මෙන්න දැන් වූ වල පයයි ගොඩ පයයි තියා ගෙන මෙහෙම කිවුවලු
පොඩි කොට නොකෑ කොට
මහා කොට කන්ට හිටි කොට
මා ඇත වැරදි කොට
ගස්ස ගස්සා නානු කන් කොට
මේකේ තෙරුඅම මොකක්ද අප්පා.
ReplyDelete"තනහිහි ඔය තන නොවේ බෝලමේතණ
මේකනේ තන කිවුවොත් ගෑනුන්ගේ තන වෙනවා තණ කිවුවොත් හරක් කන තණ කොළ වෙනවා ඔන්න ඕකයි වෙනස හි හි
ReplyDelete