Friday, May 13, 2016

අවුල නෑ මට පලතුරු කන්න ආවට



පළමු බුදුන්ටයි දෙවනුව 
දෙමාපියන්ටයි 
තුන් වනුව සබයටයි 
අවසර බයිල කියන්ටයි 









සරිවානා සරි මල්ලි සරිවානා සරි 
ඔය හිරිවාතෙට වරිගොතෙට 
නරි බොනවද කිරි 


ඉතාලියෙන් නැවක් ආවා කොළඹට හාබර් 
උබලයි අම්මගේ දෙවැනි මිනිහා 
හන්දියේ බාබර් 

ගස්ලබු ගහට ඇන්න ගමන් එනවා නේ කිරි 
මචං උබලයි නංගිට 
ලව් කෙරුවේ වැස්සේ සිරි සිරි 

අවුල නෑ මට පලතුරු කන්න ආවට 
මේ වවුලා ගහ උඩ හිටියට 
ඔලුව පහලට 

බටු කිව්වොත් බටු 
මල්ලි හයියයි මගේ කටු
ඔය හිටු කිවුවොත් හිටු 
නැත්නම් කඩනවා තොගේ අඬු 

මොකද මල්ලි මොකද මල්ලි බයිලා පරක්කු 
සත පනහක ගහලා වරෙන්  සකඩ අරක්කු  


කන්ද උඩින් බඩගාගෙන එනවා කබරයා 
තොටයි මටයි මොන බයිලද පලයන් නරියා 





10 comments:

  1. කසිය ගහල මෙන්න මේක
    බයිල කියනවා
    කබරය එන්නට කලියෙන් අපි
    කොමෙන්ට් කරනවා

    ReplyDelete
  2. කසියා නැතුව අපි කොහොම ද බයිලා කියන්නේ
    කසියා තමා බයිලා පාර ඇදලා තියන්නේ...........

    ReplyDelete
  3. ගහල කසිය පැකට් එකක් මීයෙක් හරි පොඩී
    දොඩොවනවා ඇහෙනවාද නාදෙන් චිරි චීරී
    ඔය දොඩවනවා ඇහෙනවාද නාදෙන් චිරි චිරී
    ගහල කසිය පැකට්ටෙකක් මීයෙක් හරි පොඩී..
    අඩෝ..ව්..
    ජයවේවා..!!

    ReplyDelete
  4. කසිය පුතා කසිය ගහල
    බයිල නෙලනවා
    ඒව අල්ලගන්න අපිත්
    බයිල ගහනවා.. හැක්

    ReplyDelete
  5. කසිය මොකද
    ගල් අගුණද
    කියපන් මල්ලී
    චියස් කරලා
    තව පාරක්
    ගහපන් මල්ලී

    ReplyDelete
  6. නියම බයිලා පාර නේ බන්

    ReplyDelete
  7. කසිය ගහල වෙරි වීලා කසියා නිදිදෝ
    වාද බයිල කියනවනං නැගිටල වර ඩෝ
    වාද බයිල කියනවනං නැගිටල වර ඩෝ
    කසිය ගහල කානු පල්ලෙ කසියා නිදිදෝ

    ReplyDelete
    Replies
    1. කාසියට උන ඔලුවට ගහලා

      Delete
  8. කසිය ටිකක් ඕනේ කොල්ලෝ ඉල්ලාපල්ලා
    කසිය ටිකක් ඕනේ කොල්ලෝ ඉල්ලාපල්ලා
    කසිය ටිකක් ඕනේ කොල්ලෝ ඉල්ලාපල්ලා
    ඔන්න එනවා වොඩ්කා අයිය දණ නමපල්ලා

    ReplyDelete

මේ කසිකබලා ගැන හිතෙන ඕන දෙයක්