Monday, May 23, 2016

මටත් පෙර ගල් මුල් පියාබා යෑම

ඔන්න  ඉතින් වාද බයිලා එකෙන් පස්සේ කොල්ලා නිදහසක් ලැබුවා එකට කොම්මෙන්ට් කරපු ඔක්කොටම ස්තුතියි හොදේ රිප්ලයි කොරන්න බැරි උනාට සමා වෙන්න දැන් තමා නිදහසක් ලැබුවේ. ඔන්න ඉතින් කියන්න යන්නේ තවත් මේ කාසියට සිද්ද උන සන්තෑසියක් ගැන. 


සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපේ ගෙදර මස් මාංස අඩුවෙන්නේ නෑ...හි හි  පවු කාර කතාවක් නොවැ. ඒ උනාට ලෝක අමාරුවෙන් හිටෝ ගන්න අල බතල ටික තඩි ඌරෙක් ඇවිල්ලා දෙසා බාන කොට ආයි ඌට මත්‍රී කොරන්ට යයි, දෙකක් තඩි බානවා ඇරෙන්න.









  ලඟට ගිහිල්ලා  තඩි බාන්න බෑ නේ  එකට තමා ගිණි බටයක් තියෙන්නේ අපේ අප්පොච්චා නම් ගිණි බටේට හරිම අකමැතියි. එත් මස්සිනා කැමතියි.
 වූ මහ පවු කාරයා දුටු තැන වෙඩි ....හැක හැක  

ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි අපේ මස්සිනා මේ කොටන තුවක්කුවෙන් ඒ කියන්නේ කැප් තුවක්කුවෙන් හේනට එන සතුන්ට වෙඩි තිය තිය හිටියා.  පස්සේ පස්සේ මේකා ජීවන උපාය වශයෙන් දඩයමේ යන්න පුරුදු උනා.


   
දැන් නම් ඌටම ඒක තේරිලා පවු වැඩක් කියලා ඒක නවත්වලා තියෙන්නේ 

කොහොම හරි අපේ පැත්තේ පොලිසියේ ලොකු මහත්තයා මාරු වෙලා වෙන එකෙක් ආවා වූ දවසක් අපේ මස්සිනාට කතා කොලා නේන්නම්  ...

හෙලෝ ..ආ මම මේ කොස්ලන්ද පොලිසියේ ඕ අයි සී  කතා කරන්නේ ඇත්ත ද රෝහණ උබ මේ දඩයම් කරනවා කියන්නේ 

ඔව් සර්... සර්රුත් මස් කෑල්ලක් කනවයි .


හප්පේ එදා ඉදන් ඉතින් මස් ම තමා මේක මහා මස් පෙරේතයා.  මූට ඕනේ වේලලා ජීප් එකෙන්ම ඇවිල්ලා අර ගෙන යනවා ..ඔන්න ඉතින් දවසක් මූ අපේ ඉඩම් බලන්න ආපු වෙලාවේ මස්සිනා ඒක අවස්තාවක් කොර ගත්තා පතුරන් තුවක්කුවක් ගන්න වැඩේ හරි ගියා .



ඔන්න ඉතින් දවසක් මමයි මස්සිනායි තව මල්ලි කෙනෙකුයි මහ දවල් දඩයමේ යන්න අදහසක් පහල වෙලා ගියා නොවැ..අපේ ගමට උඩ කඳු යායට කියන්නේ වෑකඩ කියලා එක පරණ ගමක් දැන් ඒ ගම අතහැරලා මිනිස්සු ඇවිල්ලා ගොඩක් කල් අපේ අම්මලා පොඩි කාලේ තමයි මේ ගම දාලා මිනිස්සු දැන් අපි ඉන්න ගමට ඇවිල්ලා තියෙන්නේ අදටත් ලොකු පේර ගස් කොස් ගස් ළිං එහෙම තියනවා ඒ ඔක්කොම මහා කැලේට යට වෙලා 
  

කොහොම හරි දවල් එකට විතර අපි ඔය කියන වෑකඩ පැත්තේ දඩයමේ යන්න ගියා. (කතාව දිග වෙන නිසා කෙටියෙන් කියන්නම් ) මෙහෙම සැතපුම් තුන  හතරක් යන තෙක් කිසිම සතෙක් හම්බ උනේ නෑ.තුන් දෙනාටම දැන් හොදටම මහන්සියි.එහෙම නැවතිලා වතුර ටිකක් බීලා යමුද කියලා මම මස්සිනාට යෝජනාවක් ගෙනාවා. එතන වතුර ගලා ගෙන යන ඇළක් එක්ක පොඩි කඳු කෑල්ලක් නගින්න තිබුනේ. කොහොම හරි නැවතිලා වතුර බීලා නැවත අපි ගමන යන්න පටන් ගත්ත 


මස්සිනා ඉස්සරහින් යනවා පතොරන් තුවක්කුවත් අරගෙන මම දෙවනියට, තුන් වෙනියට අර මල්ලි යනවා. එයාගේ නම රංජන්, කැලේ අතරින් කටු පඳුරු මග හැරලා කොන්ද නමා ගෙන තමා ගොඩක් දුරට අපි යන්නේ. එහෙම යන අතරේ කෝටු කෑල්ලක් පෑගෙන සද්දයක් වත් ආවොත් සතා පැනලා දුවනවා. 


ඒ නිසා පුංචි හරි සද්දයක් දාන්න හොද නෑ.කඳු කෑල්ල නැගලා ඉවර උනාම හම්බ වෙන්නේ ලොකු තැනි තලාවක් ඔන්න අපි එතනට අර කඳු ගැටේ නැගලා ගියා විතරයි ලොකු සත්තු තුන් දෙනෙක්ම හිටියා ...හි හි තාම මතකයි කකුල් දෙක සනිදප ගහපු හැටි  වෙලාවට මුන්ගේ මස් කන්නේ නැත්තේ 


හම්බ උනේ මොකාද දන්නවද තඩි අලි තුන් දෙනෙක්  අපි  තුන් දෙනාට අඩි හතළිහක් පනහක් විතර දුරින් තමයි මුන් තුන් දෙනා හිටියේ.අපේ පැත්තේ මුන්ට කියන්නේ තුන්පත් රෑන කියලා 




මුන් තුන් දෙනා දැක්ක විතරයි මස්සිනා කිව්වා ඔන්න මල්ලි අලියා කියලා කොහොම හරි අපි කතා කරන සද්දේ මුන්ට ඇහුනා. උන් හිටියේ හැබැයි උන්ගේ පාඩුවේ. හප්පේ ඔය මොකටත් වඩා මිනිස්සු පනට ආදරේ කියන්නේ නිකන් යැ  නේද  අම්මෝ කොල්ලා පස්සට රිවස් එක දමාගෙනම හිටියේ දුවන්න

  උන්ව මග හැරලා යන්න හැදුවා විතරයි එකෙක් අපිව දැක්කා කියපන්කො මෙන්න මූ පිබ්නවා නේද එත් අපි බලා ගෙන හිටියා මුන් අපට බයේ මෙතනින් මග හැරලා යයි ද කියලා... මොන මෙන්න මේක එලව ගෙන එනවා අපි ඉන්න දිහාට මම අඩියක් පස්සට පැන්නා  මස්සිනා එතකොටම අම්මට කියාගෙන දිග දාලා වෙඩි තියපි අර අලියට.... වැදුනා නේන්නම් මූට මේක.... මේකා කෑගහ ගෙන  එනවා. ඒ එක්කම අනිත් එවුන් දෙන්නත් එනවා දුවපන් මල්ලි කියනවා විතරයි මට ඇහුනේ දිවුවා දිවිල්ලාක් අම්මෝ 

කොහොම කකුල් දෙකට පන ආවද මම දන්නේ නෑ. ඒ වෙලාවට ගස් මුල් කටු පැදුරු නිකන් පිදුරු වගේ තමා...... කඩාගෙන දුවන්නේ, මම කෙලින්නම දිවුවා මස්සිනා වෙන අතකට දිව්වා අර  මල්ලි කොහේ ගියාද දන්නේ නෑ.. මම දුවනවා දුවනවා ඉවරයක් නෑ.මට දැනෙනවා දැන් අලියා මගේ පස්සේ පන්නන් එනවා කියලා, මොකද අලියා එන වේගෙට මාව පාස් කරගෙන ගල් මුල් යනවා. මම හිතුවා ඉවරම තමා මේ ගෙවන්නේ ජීවිතේ අවසාන මිනිත්තු කිහිපය කියලා, මම එදා ශෝටක් ගහලා ඊට උඩින් සරමක් ඇදලා හිටියේ. ආ....... දෙයක් කියන්නද? අලියෙක් එළවන් එන කොට කවදාවත් කෙලින් දුවන්න එපා. මම මෝඩයා වගේ තනි කෙලින් දිව්වේ.කොහාට හරි හැරෙන්න ඕනේ එත කොට අලියට එක පාරට වංගු ගන්න අමාරුයි ටික දුරක් දුවලා තමන් දුවන දිසාව වෙනස් කරන්න ඕනේ 



කොහොම හරි දුවන ගමන් සරම ගලවලා දාලා මම දිව්වා. අප්පේ ටික දුරක් දුවන කොට ලෝකේ පෙරළන් පස්සෙන් එනවා වගේ සද්දෙත් නැති උනා.ගල් මුල් මාව පාස් කරන් යන එකත් නැති උනා.පස්සේ බැලින්නම් අර සරම අල්ල ගෙන සරම කෑලි වලට ඉරලා දාලා.



 කොහොම හරි තියන බයටම මම ගහකට මුවා  වෙලා හොදටම හති අරිනවා මේ අතරේ මස්සිනාට වෙච්ච දේ මස්සිනා කිව්වේ මෙහෙමයි.

මස්සිනා වේගෙන් වෙන පැත්තකට දුවලා..කොහොම හරි වෙඩි වැදිච්ච අලියා ම තමයි මේකාගේ පස්සෙන් පන්නලා තියෙන්න පතුරන් තුවක්කුවේ හිස් කොපුව අයින් කරලා වෙන උණ්ඩයක් දා ගන්න ටයිම් එකක් නෑ කියලා තමා වූ කිව්වේ මස්සිනාටත් මට උන දේ තමා    වූ දැන ගත්තා ලු එදා තමා උගේ අවසාන දවස "මට ඒ වෙලාවේ පොඩි එකී මතක් උනා බන් "කියලා අදටත් මස්සිනා කියනවා.කොහොම හරි දුවන ගමන් මේක පතුරම දාන්න යන කොට එක බිම වැටිලා ..ඒ පතුරම විතරයි තියෙන්නෙත් මස්සිනා හිතුවලු වෙන දෙයක් වෙද්දෙන් කියලා..... මූ නැවිලා අර පතුරම අර ගෙන පැන්නලු කටු පදුරකින්  එහා පැත්තට අලියට දැන් මස්සිනා හොයා ගන්න බැරිලු. මේකා  වටේ තියන ගස් පොඩි කරනවා ලු.  මස්සිනා බිම වැටුණු පතුරම ගන්න වෙලාවේ අලියා ගොඩක් ලං වෙලා හිටිය නම් අද මස්සිනා මෙලොව නෑ කියලා තමා කියන්නේ ඊට පස්සේ මස්සිනා තුවක්කුවට පතුරම දා ගෙන වෙඩි තියන්න හදලා කල්පනා කොලා ලු දැන් වෙඩි කාලා ඉන්න එකාට ආපහු වෙඩි තිබ්බොත් මේකා මාව මරලා මිස මෙතනින් යන එකක් නෑ කියලා.....ඊට පස්සේ  මස්සිනා අලියව මග හැරලා අපිව හොයා ගෙන ඇවිලා


  මස්සිනා අර අලියව මග හැරලා අර මල්ලි දුවපු පැත්තට ඇවිලා බලන කොට අර මල්ලි කඩා ගෙන බිද ගෙන දුවන් එනවාලු උගේ පස්සෙන් මස්සිනා දුවලා තමා  නතර කර ගෙන තියෙන්නේ.. ඒ මල්ලි හොදටම බය වෙලා වමනෙත් දැම්මා ලු ඊට පස්සේ තමා දෙන්නත් එක්ක මාව හොයා ගෙන ඇවිලා තියෙන්නේ මම ඉතින් නැවතුන තැනම නැවතිලා හිටියා මුන් දෙන්නා එනකන්... පස්සේ කකුල් දෙකට මාර සනීපයි ගස් කොලන් කඩා ගෙන දුවලා නතර උනාම තමා දැනෙන්නේ ආතල් එක මුළු කකුල් දෙකම ලෙලි ගිහිල්ලා ...එදා කොහොමින් කොහොම හරි ජීවිතේ බේර ගෙන ගෙදර ආවා...

16 comments:

  1. පතුරම් තුවක්කුවත් එන්ග්‍රේවින් එහෙම කරලමයි අරගෙන තියෙන්නෙ.
    දැන් බදුල්ල පැත්තෙ අප්‍රිකානු තුන් පත් රෑනවල්! කෙන්යාවට ලඟයිනෙ. හොඳයි හොඳයි කල්යාණමිත්‍රටතුමාට අතරමං වුන හිපොපොටේමස් පැටියෙක් එහෙම හදාගන්න බැරියැ

    ReplyDelete
    Replies
    1. මචන් ඒ පොටෝ එක ගත්තේ ගූගල් වලින් තුන්පත් රෑන පෙනන්න ඕන නිසා, තුන්පත් රෑනක් අපේ පැත්තේ ඉන්නවා මේක බොරු කියලද ඔබ හිතන්නේ

      Delete
  2. උඹ ඔය කියන්නෙ උබලයි අහ එන්නමයි කියල නේද? හිටිංකො තා ටික දවසක්..
    ජයවේවා..!!

    ReplyDelete
  3. ශුවර් නේද සරමට යටිං ෂෝට ඇඳල හිටියෙ කියල. නැත්තං අලිය එතනම කලංතෙ දාල වැටෙන්න ඇති.

    ReplyDelete
  4. යකෝ අලින්ට වෙඩි තියන්ඩ තහනම්...

    ReplyDelete
    Replies
    1. එක හරි මචෝ උබ එතන හිටියනම් උබ කරන්නෙත් ඕක මයි

      Delete
  5. ඔයවගේ අත්දැකීම් ලැබුවේ නැත්නම් ඔය තරුණ කාලෙන් ඇති වැඩක් නැහැ. හෙහ් හෙහ්, අලියට ළඟින් හැරෙන්න බැහැ කියන එක ඇත්ත කතාවක්. එක විහිලු කතාවක් තියනවා, බයිසිකලේකින් යන මිනිහෙක් පාරේ, අලියෙක් පන්නනකොට, ඉස්සරහට හන්දියක් හම්වවෙන බව දන්න මිනිහා, වමට සිග්නල් දාගෙන ගිහින්, දකුණට හැරුනලු. නමුත් අලියා වමට හැරුනලු.

    සඤ්ඤක අකුරු ගැන සැළකිල්ලක් නැත්තේ ඇයි? කඳු කියන එක හරියට ලියා තිබුනත්, පියබා, හොදේ, උබ, කියාලිවීම සුදුසු මදි.

    මේ ලිපියේ තියන බෙහෙත් කොටන තුවක්කුවේ පින්තූරය, මම කලකට ඉහතදී මගේ අඩවියේ ලිපියකට අදාළව, මා විසින්ම සංස්කරණය කරලා දාපු එකක්.

    මේ තියෙන්නේ ඒ ලිපිය

    ඒ විදිහට මම හදපු පින්තූර ගොඩක්

    මෙතනින් බලන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. එක හරි මම ගුගල් එකේ search කරලා ඕක දැම්මේ තියන තුවක්කුවේ පොටෝ ගහන්න මම කොළබ ඉදලා යන්න ඕනෑ හෙනම් ගෙදර එහෙම බැරි නිසා මෙහෙම දැම්මේ අවුලක් නෑ නේ ....

      Delete
    2. නැහැ නැහැ කිසිම වැරද්දක් නැත. මට සතුටුයි මා සැකසු පින්තූර දැන් ගූගල් සර්ච් එකෙත් තිබීම ගැන.

      Delete
    3. සිරානේ විචා අර තුවක්කු ටික.

      Delete
  6. පවු කරන කොට ඔහොම දේවල් වෙනවා

    ReplyDelete
  7. ඕකට තමයි කියන්නේ කර්මය නොපමාවම පල දෙනවා කියල :)

    ReplyDelete
  8. අර අලියා මැරෙන්න ඇති.

    ReplyDelete

මේ කසිකබලා ගැන හිතෙන ඕන දෙයක්