Wednesday, May 4, 2016

ගස් බැදීම




ඔන්න කසියා ඒ කාලේ පහ වසරේ විතර කැලෑ කොල්ලේජ් එක ඇරිලා හි හි එහෙම කියන්නත් හොද නෑ මම ඉගෙන ගත්තේ ඔය කනිටු විදුහලේ නේ කොහොම හරි ඉස්කෝලේ ඇරිලා ගෙදර එන ගමන් අනිත් මගේ වටේ ඉන්න අට්ටිම්බෝ ටික යෝජනාවක් ගෙනාවා 
තව කියවන්න 

"යමුද පලු කන්න"

කොහෙද 

වැවේ 

අන්න වැඩේ නියමයි 


වැව් බන්ටෙකේ පලු ගහක් තියනවා  



ඔය පැල හදලා තියෙන්නේ අපේ හේනේ  පලු ගහේ





කොහොමින් කොහොම හරි කසියා පලු කන්න රැලේ අනිත් එවුන් එක්ක ගොහින් වරුවක්ම පලු කෑවා. කාලා මයි අම්මටත් ටිකක් ගෙනියන්න ඕන කියලා හිතලා බැග් එකෙන් පොතක් අරගෙන කොලයක් කඩලා ගොට්ටක් හදලා පලු ටිකක් දමා ගෙන ගෙදර යන්න ගියෙපි 

හි හි කසියාගේ තියන බඩජාරි කම දන්නවා නේ හි හි ඔයාල දන්නේ කොහොමද නේ යන ගමන් එක දෙක පලු ගෙඩි බඩට පලච්චි ගෙදරට ඒන කොට ගොට්ටෙන් බාගයක් ඉවරයි 

අම්මණ්ඩි ඉන්නවා ඔන්න මුණ දෙක කොරගෙන මල පැනලා මම ඉතින් මම්මි දැක්ක ගමන් අම්මේ මේ පලු .....

පලු තෝ කොහෙද ගියේ  බෝල ...

පස්ස පැත්ත හරහා සියබලා කොටු පාරවල් විස්සකට අදික සන්කියාවක් ගියා මතකය වේදනාව අදටද දැනේ දැනේ වගේ මතක් වෙද්දී ඒ සිද්දිය කොහොම හරි ඔන්න 

ගලවපිය ඔය රෙදි මම අද තෝ ගස් බදිනවා 

හි හි කොල්ල හෙලුවල්ලෙන්ම මිදුලේ කොනක තිබු අරලිය ගහේ බැද දැමුණි 

හිටපිය තාත්තා එන කන් 

අනේ අම්මේ ලිහන්ටකෝ මේක ඉන්න බෑ අවුවේ ...

කටවහ ගෙන හිටු ..අම්මණ්ඩි මා ගෙනා පළුද කකා මට බැනවැදී ...


කොහොමින් කොහොම හරි අක්කා පාසල් හැරී ගෙදර ආවම තමා අම්මට බැනලා මාව ගහෙන් ලිහුවේ ....අනේ මගෙ අක්ක නොහිටින්න කොල්ලා රෑ වෙනකන් ගහේ තමා 

මේවා එකක් වත් හදපු ඒවා නොවේ මගේම ඇත්ත කතා ජීවිතේ වෙච්ච 




16 comments:

  1. බ්ලොගයට මුලින් ආවේ දැනුයි..... අපේ සින්ඩියටත් දා ගත්තා. අනික් සින්ඩි වලටත් යන්න.... අපි අනික් අයටත් දැනුම් දෙන්නම්. දිගට ම ලියන්න...... අපිත් දිගට ම එන්නම්..... ජයවේවා.....

    ReplyDelete
  2. එල එල නියමයි උබ නම් පිස්සෙක් බන්

    ReplyDelete
  3. නියමයි කොල්ලෝ

    ReplyDelete
  4. දිගටම ලියන්න...

    ReplyDelete
  5. රෙදි ගලවල ගස් බදින්නෙ මොකද ?

    ReplyDelete
    Replies
    1. එකක් තමයි රෙදිවල පලු කහට හෝදන්න වෙන්න ඇති අම්ම එහෙම කිවුවේ.... අනිත් එක තමා අවුවේ හොදට කර වෙන්නේ රෙදි නැතුව ඉන්න කොට නේ

      අනිත් එක තමයි ඉස්සර වැරදි කරාම ගහන්නේ ගස්බදලා දිමිගොට්ටක් ඇගට දාලා ඇගට රස්නේ දැනෙන විදියට ගිනිගොඩක් ගහලා කෝට්ටෙන් තලනවා ඒ කොටු පාර දිමියන්ට වදින කොට උන් ඇඟ කනවා කොටු පාර මටත් වදිනවා ...රජකාලේ දඩුවම් බෝල මේවා

      Delete
  6. මගේ දරුවට මම කරන්න තියා හිතන්නෙවත් නෑ !!!

    ReplyDelete
  7. කුරුටුගේ ඔත්තුවට ආවේ. මෙච්චර සැර අම්ම කෙනෙක් හිටියද? හැබැයි ඉතින් මම ඔය වගේ දඟ වැඩ වැඩිය කොරල නැහැ. ලස්සන පින්තුර ටික.

    ReplyDelete
    Replies
    1. හි හි අම්මට වැඩිය හපන් අපේ අප්පොච්චා

      Delete
  8. තාම මම පලු කාල නෑ අප්පා ජීවිතේට... හෙන දඟ ළමයෙක් වගෙයි පොඩි කාළෙ...

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්නේ කොහේද මම පලු ගෙනත් දෙන්නම්

      Delete
  9. මත්තල එයාපෝට්ටෙක හදන දවස්වල පළු කෑවා හිතේ හැටියට... දැං රසත් මතක නෑ.. පළු කන්න ගියාට අම්ම උඹට දීල තියෙනවා පුකේ වයිරපළු හිටින්නම නේහ්.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  10. එල එල උබ එහෙ වැඩ කරාද බන්

    ReplyDelete

මේ කසිකබලා ගැන හිතෙන ඕන දෙයක්