Friday, May 6, 2016

සරම උස්සා පල වේසි

ඔන්න අද කියන්න යන්නේ මට වෙච්චි ඇබැද්දියක් කසියාගේ ගම බදුලු දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් ඒ උනාට අපේ ගම තරම් ලසන ගමක් නෑ මයි හිතේ ...
වැඩි ඈතක නොවෙයි ගිය අවුරුද්දේ නාය ගිය කොස්ලන්දේ මීරිය බැද්ද ගමට සැතපුම් 20 කට මෙහා 

















ඔන්න ඉතින් කොහොම හරි හරියටම 2016-04-11 කොල්ල උදේම කෑමත් අරගෙන කුබුරේ යන්න ගියා අපේ කුබුර තිබුනේ ගෙවල් වල ඉදලා ගොඩක් දුර ගමෙන් එපිට ගොඩක් දුර යන්න ඕනෑ ඒවා සින්නක්කර ඉඩම් ඒ පැත්තේ අපි විතරක් නොවේ තවත් ගොඩක් අය හේන් ගොවිතැන කළා ...එත් ඒ පැත්තටම කුබුරක් තිබුනේ අපේ අප්පොච්චට විතරයි ...ඒ කියන්නේ ඒ ගමෙන් නොවේ අපේ ගමේ හැමෝටම කුබුරු තියනවා මම කිවුවේ අපේ ගමේ ඉදලා සැතපුම් 18 විතර ගන වනන්තරේ කුබුරක් තිබුනේ අපේ තාත්තට විතරයි එක කුබුරු අක්කර 7 කුබුරටම අල්ලා ගොඩ අක්කර 6 තිබුනා .




                     මේ අපේ වත්ත උඩහට  ගියාම දියළුම ඇල්ල පේන විදිය 





අපේ අප්පොච්චා කුබුරේ නැවතිලා ඉන්නේ ගොවි තැන් කටයුතු තමා... අවුරුද්දටවත් ගෙදර එන්නේ නෑ...ගෙදර ආවොත් එන්නේ කොන්ඩේ කපන්න විතරයි සුමානෙකට සැරයක් එත් හරි අඩුවෙන් එන්නේ  අපේ අම්මණ්ඩි හැමදාම උදේ පාන්දරින් කෑම හදා ගෙන කුබුරේ යනවා අප්පොච්චට බීඩි තේ කොළ සීනී  වගේ දෙවල් අරගෙන ඔන්න ඉතින් මමත් ගෙදර ඉන්න දවස වලට අම්මන්ඩි පස්සෙන් යනවා අපේ අප්පොච්චා බලන්ඩ 




                                                    බලන්න කොච්චර ලස්සන පරිසරයක් ද 



දැන් ඉතින් මම කොළබ රටේ නොවේ රස්සාව කොරන්නේ ඔන්න ඉතින් සුපුරුදු පරිදි කොල්ලා මේ අවුරුදු නිවාඩුවට ගෙදර ගියා ගොහින් පහුවදා වුදේ ඒ කියන්නේ 11 වෙනිදා අප්‍රේල් හොදේ ...තනියම කුබුරේ ගියා නොවෑ 

එදා අම්මණ්ඩිට ගෙදර සූ ගාලා වැඩ මොකද සිංහල අලුත් අවුරුදු ලග නොවෑ පස්සේ මම කුබුරේ ගොහින් තාත්තට ගෙනා බත් පත් අඩුම කුඩුම ටික දීලා බත් කාලා බතලා ටිකකුත් තම්බන් කාලා වටේ පිටේ සිරි නැරබුවා ..



අප්පොච්චාට ටිකක් වුදවූ වෙලා නාගෙන කියාගෙන එන කොට පහ විතර වෙච්චි රෑ වෙලා නොවෑ හානි හනිකට ගාට ගෙන බයෙන් බයෙන් ආවා..මොකෙකුටවත් නොවේ ..අලි ගෙඩියා කොහේ ඉන්නවද දන්නේ නෑ නොවෑ අපේ කුබුරු පිහිටලා තියෙන්න දෙමට පෑලෑස්ස කියන දිහාවේ කදු මැදින් වට වෙලා තියෙන්නේ මග පාර හරිම දුෂ්කරයි ඩෝසර් කරපු පාරක් තියෙන්නේ පාර දිගේ එන කොට දිය කඩිති කිහිපයක්ම පාර හරහා ගලා ගෙන යනවා එහෙන් මෙහෙන් හම්මබ වෙනවා  



ඒ පාර ටික දුරක් වැටිලා තියෙන්නේ මහා තේක්ක කැලයක් මැදින් ඔන්න කොල්ලා ඉතින් මේ රජයේ වගා කොරලා තියන තේක්ක යයා මැදින් එනවා ..එදා පරිසරේ හරිම අමුතුයි මට වෙනසක් දැනුනා හිතේ පොඩි බයක් තිබුනට ඒ මොන යකෙකුටවත් නොවේ අලියා මීට ඉස්සර මගේ පාරේ හබා තිබෙන නිසා මම දන්නවා මු කොහන් හරි මේ වෙලාවට මතු වෙනවා කියලා 







අපේ ගෙදර ඉදන් බැලුවම චුටි මාමගේ ගෙදර පේන විදිය 















එත් ඊට වඩා මොකක්දෝ පාලුවකින් එදා ඒ පාර වැසිලා තිබුනා 

වෙලාව හරියටම හවස 6 විතර වෙලා කරුවල ව්ටිලා නිසා මම මගේ පොන් එකේ ටෝච් එක දල්වා ගත්තේ හිතේ තියන පොඩි බයටමයි ...තේක්ක කෑල්ල පහු වෙනවත් සමහම පොඩි කදු බෑවුමක් තියනවා ඒ බෑවුම කොනේ වතුර පාරක් පාර හරහා ගලා ගෙන යනවා ඔන්න කොල්ලා ඒ තේක්ක කෑල්ල අවසන් වෙලා කදු බෑවුම  බහින්න පටන් ගත්තා විතරයි ළමයෙක් අඩන සද්දේ ඇහුනා මම කල්පනා කොලා මේ වෙලාවට කොහේද බෝල ළමයෙක් අඩන්නේ කෝකටත් විමසිල්ලෙන් වගේ ඉදිරියට එන මට කසිම සද්දයක් බද්දයක් නැතිව  






වම්බටු 









මේ අපේ කුබුරු වගා කරන්නේ එළවලු තමා 



කිසියම් කෙනෙක් මගේ උරෙන් අල්ලනවා දැනුනා මා එකවර පිටුපස බැලී නම් කිසිවකු හිටියේ නෑ නැවත මා හිත සන්සුන් කර ගෙන ආවෙමි නැවත වරක් කිසිවකු මගේ උරෙන් අල්ලනවා මට දැනිණි නැවත මා බිය වී පිටුපස බැලීමි කිසිවක් පෙනෙන්නට හිටියේ නැත හිතේ මැවෙන චකිතය දැන් දෙගුණ තෙගුණ වී යයි ගස් කෝලන් හෝ හඩ නන් වමින් ඒ මේ අත මහා  හයියෙන් වනෙයි රහයියන්ගේ කී යන සද්දය තවත් මගේ බිය වැඩි කරන්නට හෙති විය මා එවර ඉක්ක්මන් කොට ආවෙමි නැවත මාගේ උරෙන් කිසිවකු අල්ලනවාත් සමගම මා පිටුපස බැලීමි දෙයියනේ ....








මේ ඉන්නේ අපේ අප්පොච්චා 






මෙන්න සුදු සාරියක් ඇද ගත් තැනැත්තියක් කොන්ඩේ කඩා දා ගෙන මේ දරුවා වඩා ගන්න යයි මට කිවුවෙමි ..මා එවර ඉතාම බිය වුනු මගේ අගේ මයිල් කෙලින් වී ඇති බව මට දැනේ කන් දෙකෙන් රස්නයක් පිට වෙනවාද දැනුණි මා දුවන්නට පටන් ගත්තා විතරයි මෙන්න මෙකි පස්සෙන් එනවා .





මේ ඉන්නේ කසියා වන මා දිලිසි දිලිසි- කුබුරේ වාඩියේ 


එවර මම නතර උනා දැන් මම මේ කවුද කියා අදුර ගත්තා මේ මෝහිනී මම සරම උස්සා ගතිමි මගේ හෙළුව පෙනෙන්නට සරම හිස තෙක් උස්සා ගෙන මුණ වසා ගෙන මා කුණු හරුපෙන් බැන්නා ...පල පට්ට වේසි යන්න තොගේ හුxxx xxxxxවා මම   xරි වේසි යනුවෙන් බැන වදිමින් මා දිය කඩිත්ත පසු කර නැවත හැරී බැලුවා මෙන්න මෙකි නෑ කියහන්කෝ ..මා එතැන සිට ගෙදරට ආවේ කෙලෙසදැයි තවම නොදනිමි දුව ගෙන ඇවිත් ගේ දොර කඩ ඇදී වැටුනා යයි අම්මණ්ඩි කිව්වා ඒ සිද්දිය වුන තැන සිට අපේ ගෙදරට දුර සැතපුම් දෙක හමාරක් විතර ඇති...ඒ දුර දුව ආවේ කෙසේ දැයි මම දන්නේ නෑ ...ඉන් පසුව නුල් බැදලා තමා මට හොද උනේ 



ඔන්න ඕකයි 2016 අවුරුද්දට මතක හිටින සිද්දියක් ලෙස සිද්ද උනේ 







36 comments:

  1. Nice place you have, must be feeling like heaven, when you go home from Colombo

    ReplyDelete
  2. අද තමයි මේ පැත්තට මුලින්ම ආවේ. අලංකාර සුන්දර පරිසරයක්.ඌව පළාතේ බොහෝ දෙනෙක්, එළවලු වගාකරන බිම හඳුන්වන්නේත් කුඹුර කියලා නේද?

    පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. සඤ්ඤක අකුරු වරද්දා ලියන්න එපා. කුබුර, කොලබ හොදේ, යන වචන උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ඔබ පාවිච්චි කරන්නේ, ගූගල් ඉන්පුට් ටූල්ස් නම්, ඒ වචන ටයිප් කරන්නේ මෙහෙමයි kumbura = කුඹුර, kolamba = කොළඹ, honde = හොඳේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උපදේශයට ....නෑ එළවලු දාන එකට කියන්නේ කොටුව කියලා මේවා වී වගා කරන කුඹුරු එත් වී දාන්න බෑ අලි කනවා උන්ගෙන් බෙර ගන්න බැරි නිසා ඒ බිමේ එළවලු දාන්නේ

      Delete
  3. පට්ට සුන්දර තැනක්............ අපිත් ගෙදර යන පාරේ මැද හරියේ තමා තියෙන්නේ... ගොඩක් විට නෝනාගේ නිල රථයෙන් යන ගමන් ඔතැනට යන්න ඕනේ යන්න ඕනේ කියලා කතා කරනවා. මාස දෙකකට විතර උඩදි දවසක් කළුඅග්ගලින් හැරිලා නිලරථය ඔය පාරට දාගෙන ගිහින් ඇල්ල ළගට ම ගිහින් සිරි විදලා ආවා...... පට්ටම තැනක්......... සුපිරියි......... ඒ කියන්නේ උඹත් අපේ ගමේ කොල්ලෙක්.........

    ReplyDelete
  4. මෝහිනී? බොරු කියන්න එපා මනුස්සයෝ... අපායේ යනවා....

    ඒ ඇවිල්ල හිටන් තියෙන්නේ චන්ද්‍රිකා විමුක්ති කොලුවත් වඩාගෙන...

    ReplyDelete
  5. ෂා නියම ගමක් නෙ

    මී මුරේ යනව වගෙ ඒ පැත්තෙත් යන්න හොද පලාතක්

    ReplyDelete
  6. ++++++++++++++++++
    බ්ලොග් ලියන අයගෙන් සීයට පණහකටත් වඩා අයට බදුල්ල පලාතට මොකක් හරි සම්බන්ධකමක් තියනව වගේ.
    ඉවාන් හා කල්යාණමිත්‍ර ගැන හිතනකොට මෝහිණීත් එක්කත්.....

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා නිසා මෝහිනී බදුල්ල අතෑරියලු....

      Delete
    2. බදුල්ල යි මාගා යි.නැද්ද ප්‍රා?

      Delete
    3. මෝහිනී එළ කෑල්ල.. ඔය ළමයා ඉවාන් ගේ කියල තමයි ඒ පැත්තේ කට්ටිය නම් කියන්නේ..

      Delete
    4. උප්පැන්නෙ තියෙන්නෙත් එහෙමයි.. ඕ යේස්

      Delete
  7. බදුල්ල ලස්සන පළාතනේ.
    වුදවූ කියන්න මොකක්ද?

    මුල ටික නම් ලස්සනයි. පින්තුර ටිකත් ලස්සනයි.

    අර අන්තිමට ලිව්වා මෝහිනී කටහ්වෙන් වැඩේ අවුල් හැබැයි. මෝහිනී ල ඔහොමත් එනවය ?

    ReplyDelete
    Replies
    1. අද අත්භූත දේවල වලට මිනිසුන්ගේ හිතේ තැන නෑ ඒ කියන්නේ විශ්වාස කරන්නේ නෑ මම බොරු කියලා හිතන් උන්න දේ ඇත්ත උනා මම මුහුණ දීපු ඒ අත්දැකීමට ඔබටත් මුහුණ දෙන්න ලැබුනොත් කවද හරි මේ ජීවිතේ එදාට මට කියන්නකෝ

      //---උදවු කියල ලියන්න ගියේ

      Delete
  8. මරු පළාත නොවැ බං.හරිම ලස්සනයි.

    ReplyDelete
  9. මාරු පරිසරය, මමත් ජිවත් වෙන්නේ කදුකර ගමක, එත් මේ පොටෝ හරිම සුන්දරයි.

    ReplyDelete
  10. හරිම ලස්සන පළාතක්.. ලියද්දි පුළුවන් නම් ආයෙ පාරක් කියවලා අක්ෂර වින්‍යාස දෝෂ නිවැරදි කරන්න බලන්න.. එතකොට කියවද්දිත් පහසුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මම එක කරන්නම්

      Delete
  11. ලස්සන පැත්ත.මෝහිනී වගේ අය පිලිනොගන්න නිසාද මන්දා ඒ ටික එච්චර හිතට වැදුනේ නෑ.ඔය ලියන ගමන් හිමින් සැරේ වැරදි හදාගනින්. අපි ගොඩක්දෙනා ලියන්න ගත්ත මුල්කාලේ ඔහොම තමයි.
    ජයවේවා....

    ReplyDelete
  12. මචං කට්ටිය හැමෝම මේක විශ්වාස කරන්නේ නෑ එත් අපේ පෙත්තේ ඔය වගේ විශේෂ අත්භූත දේවල් වැඩියි ..විශේෂයෙන්ම රාවනා ඇල්ල ප්‍රදේශයේ මම මේ සිදුවීමට මුහුණ දෙන්න කලින් මම හිතුව ඔය බොරු කියන්නේ කියලා එත් ඒ අත්දැකීමට මුහුණ දුන්න මම තමා එක දන්නේ කොහොම උනත් කමක් නෑ අවාට ගොඩක් ස්තුත්යි

    ReplyDelete
  13. ඇවිල්ල ටික දවසක් ඉන්න තරම් ආස හිතුන බං ෆොටෝ ටික දකිනකොට්..
    ගස්ලබ්බ පණ්ඩිත කතාවක් කියන්නයි යන්නෙ.
    උඹේ කතාව ලියනකොට මුලින් එක විදිහකටයි මෝහිණී එනකොට තව විදිහකටයි කියල දෙවිදිහක් තියනවා.එතන ගැලපීම මදි වගේ මචං..
    අනික ෆොටෝ දානකොට කතාවත් එක්ක ගැලපෙන විදිහට මික්ස් වෙන්න දැම්මනම් තවත් හොඳයි.
    ගස්ලබ්බත් වැටි වැටි ඇවිදින්නෙ තාම.උපදෙසක් නෙමෙයි මචං අදහසක් හොඳේ..දිගටම ලියහං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉතින් වරෙන්කො හොදට සලකන්නම් වේලපු ගෝන මස් කැල්ලක් එහෙම කන්න ආසෙයි......බොහොම ස්තුතියි අදහසට ලියන කොට මට එන්නෙම උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය එකයි දෙවිදියක් කතා කරන භාෂාවෙන් ලියන ගියාට ටිකක් ලියන් යනකොට ලිඛිත භාෂාවෙන් ලියවෙනවා මම දන්නෙත් නෑ

      පොටෝ දැම්මේ අපේ පළාත ගැන පෙන්වන්න උජාරුවට

      Delete
  14. මෝහිනී කියා ඇත්තටම නම තියෙන අය ඉන්නවා!

    ReplyDelete
  15. තව පොලිෂ් වෙන්න තව ලියපන්.. ගමේ එකා නිසා වෙන මොකුත් කියන්නේ නෑ.. වතාවක ආවොත් ඇපොයින්මන්ට් එකක් දාලා මෝහිනීව මීට් වෙන්න බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. බලාගෙන … ශුවර් පොට් එකකට උස්සපං. පොලිසියෙන් පැන්නොත් ලෙඩේ.. හැක හැක

      Delete
    2. එන්න් එන්න මෝහිනී කෙසේ වෙතත් .....අලි ගෙඩියෙක් නම් මුණ ගස්සන්නම් මතක හිටින්න

      Delete
  16. පරිසරය අතින් නියම පැත්තක්නෙ බං.
    මොනව උනත් උඹ සරම නැතුව දුවනව දැකපු කෙල්ලො කීප දෙනෙකුටම නූල් බඳින්න උනැයි කියන්නෙ බොරුද මල්ලි.

    පෝස්ට් එක පබ්ලිෂ් කරන්න ඉස්සෙල්ල එකපාරක් කියෝල හරියට අකුරු ටික හදාගන්න.

    ReplyDelete
    Replies
    1. එක නේන්නම් අයියා කොහොමෙයි හරියටම දන්නේ

      Delete
  17. උඹ අන්තිම ටිකේදි ලියන ශෛලිය වෙනස් කරල. ටිකක් අල වෙලා වගේ. මුල ශෛලියෙම්ම ලිව්වනං හොඳයි.

    දිගටම එන්නං.

    ReplyDelete

මේ කසිකබලා ගැන හිතෙන ඕන දෙයක්