Sunday, October 1, 2017

තඩි 🐐 එළුවා සහ මම


Image result for goat




ඔන්න ඉතින් අද කියන්න යන්නේ පුංචි කාලෙ කරපු වැඩක් ගැන.🕹 අපේ ලොකු අප්පච්ච්ගෙ පුතාල ඒ කියන්නේ ඉතින් අයියලා නේ එත කොට මම පොඩියි.මට මතක හැටියට 4 හතර වසරෙ වගේ ඉතින් එයාලට හිටියා එළුවෝ එ කියනේ  එළු ගෙට් එකක් ඒකෙ හිටියා එළුවෝ ගොඩාක්..












මට මතක විදියට මම එළුන්ට ඒ දවස් වල ගොඩාක් 😱 බයයි..එතන හිටියා තඩි ලොකු අං දෙකක් තියන එළුවෙක්🐐 හපොයි ඌ තමයි එතන ඉන්න නාඹර එලිච්චියන්ගෙ 🦄 ඉදලා ඇහැටකණට පේන හැම  එලිච්චියාටම අනින (🖕🖕🖕)එකා වල් පරයා😂😂 මමත් ඉතින් අයියලා එක්ක ඉදේට යනවා එළු ගාලට මම✔ හරි කැමතියි එළු කිරි බොන්න ඒවා හරි රහයි අප්පා එල කිරි මී කිරි වගේ නොවෙයි ඉක්මනට මිදෙනවා උනු කලාම.

කොහොමහරි කමක් නෑ එළු ගාල තිබුණේ ඈත වෙල් යායෙන් එහා  පැත්තෙ
උදේට ගිහිල්ලා අයියලා කරන්නේ උන් ඔක්කොම ගනන් කරන එක මොකද රාත්‍රියක්🌑🌒 කියල එකක් තියනව නේ 🐆🐆🐆 කැලේ ඉන්න කොල දිවියො 🐅 කොටි මුන් ඔක්කොම ඇවිල්ලා අර අහිංසක එලිච්චියන්ගෙ පටව් කනවා..මඩුවක් ගහලා වරිච්චි බැදලා තිබුණාට වැඩක් නෑ..උන් කොහොම හරි කනවා..
ඊට පස්සේ වැස්සියන්ගෙන් කිරි දොවලා බෝතලේකට දාල පැටවුන්ට පොවනවා..
ඔය අතරේ ඉතින් උදේ පාන්දර මෝල් වෙච්ච් අර තඩි එළුවා එක එක සීන් දානවා 😍😍😗😘ඒවත් බලා ගෙන මම ඉතින් ඉන්නවා...ඔය අතරේ සමහර දවස් වලට අලුත් පැටවුන්හම්බවෙන අවස්තා එහෙම දැකලා තියනවා.. මේ🌎 ලෝකෙට 🚼 දරුවෙක් බිහි කරන්න ඌ විඳින දුක දැක්කාම....අනේ අපේ අම්මලාත්.....ආදරෙයි 😍😍🌷🌷🌷👨‍👩‍👦‍👦 අම්මේ..



Image result for goat


කොහොම හරි මේකයි කතාව ඒ වගේ දවසක් කොහොම හරි අපි උදේම ගියා එළු ගාලට ගිහින් එදිනෙදා කරන්න තියන වැඩ ටික කරලා ඉවර ⏰ වෙලා කට්ටිය 👄 කතා උනා
පේර කඩන්න යන්න නිකන් නෙමෙයි හොරාට  වැව පහල  කවුරුවත් පදිංචි නැති වත්තක් තිබුණා ඒකේ පේර 🌳 ගස් දෙක තුනක්ම තිබුණා.පොඩි පේර කොලම කොලපාටයි හැබැයි ගෙඩිය කාල  බැලුවාම ඇතුල රතුම පාටයි...රස..මතක් වෙනකොටත් කටට කෙල උනනවා..

කොහොම හරි පේර කඩන්🚶 ඇවිල්ලා කුඹුරුයාය මැද තියා  ගෙන කෑවා ..එදා ඒ වත්තේ අයිතිකාරයාදන්නවා නම් අපිව හම ගහනවා  මුලු ගස් තුනේම පේර කඩුවා.
ඊට ප්ස්සේ තමයි.එකපාරටම අපේ නැන්දගෙ අයියා ‍ත්‍රී රෝස් පැකට් එකක් සාක්කුවෙන් ඇදලා ගත්තේ..එදා තමයි උන් මට පලමු වතාවට 🚬 දුම බොන්න කියලා  දුන්නේ එක උගුරක් අදිනහැටි කියලා දුන්නා මමත් ඇද්දා කැස්ස  හදුනා කොල්ලා ඩවුන් 🙃🙃🙃   මත් වෙලා පැයක ට විතර පස්සේ හොද සිහියට ආවේ එදා මගේ පුංචි හිතට දැනුනේ ලොකු තනිකමක් ඒ කියන්නේ මට අම්මා මතක් උනා නිකන් මත් වෙනවා කියන්නේ මැරෙන්න යනවා වගේ. දැන්නම් කරටි කඩෙන්න ගහන්නේ🍺🍺🍷🍾🍾 එත්🚬 දුම බොන්නෙ  ගොඩාක් කලාතුරකින්..

ළමයි ගැන මීට වඩා  සෙවිය යුතුද?

3 comments:

  1. ළමයි ගැන හෙවිල්ල කොහොම වෙතත් කොල්ලො කාලෙ ඉතිං ඔය වගේ ආතල් ගත්තෙ නැති එකෙක් හොයාගන්න බෑනෙ.

    ලියල පබ්ලිශ් කරන්න ඉස්සර අකුරු ගැන පොඩ්ඩක් බලහං මල්ලි.

    ReplyDelete
  2. හොදයි ස්තුතියි

    ReplyDelete
  3. අවසාන ප්‍රශ්නය සෑම දෙමව්පියෙක්ම කල්පනා කල යුතු දෙයක්

    ReplyDelete

මේ කසිකබලා ගැන හිතෙන ඕන දෙයක්